මහනුවර ඔරලෝසු කනුව..
2024 දෙසැම්බර් 23 ට වයස අවුරුදු 74 ක් වෙනවා.
sfmnewslk.com
asianewsplusone.com
1950 දි තමා ඉදිකිරීම කරන්නේ ඉස්සර නම් හැමොටම වේලාව කියපු මෙ ඉදිකිරීම අද නම් ස්මාරකයක් විතරක් වේලා .
ලොකයේ කොච්චර Clock towers තිබුනත් මේක හරිම විශේෂ තැනක්…
1947 දී අගොස්තු14 මහා වැස්සක් පේරාදෙණිය පාලමේන් යන කෙනෙකුට මහවැලි ගගෙ චන්ඩි කම් හොදට පේනවා ….
මේකත් බලාගෙන තරුණ Zacky Ismail කොලඹ යනවා මස්සිනාත් සේවකයන් කිපයකුත් එක්ක . මොහු කඩුගන්නාව ට යනකන් දැනම් ඉන්නෙ නැ ඔහු යන අවසාන ගමන මෙය බව මහ වැස්ස නිසා ලිස්සන කඩුගන්නාව පල්ලම කාර් රථයේ තිරිංග වලට වඩා බලවත් වුනා …මොවුන් නොයෙන්නම කඩුගන්නාවෙන් යන්න ගියා.
ඔහුගේ පියා මේ බව දැන ගන්නෙ පසු දින පොලිසියේන් කාර් රථයේ අංක තහඩු කොටසක් සහ පාර්සලයක් ඔහුට පෙන්විමෙන් පසුවයි.එකල Rowland හි නියොජිතයෙක් ලෙස වාහන importer කෙනෙක් වුන මෙම පියා කොතරම් විශාල ව්‍යාපාරිකයෙක් වුනත් Haji smail වුන පියා මහත් සේ දුක් වෙන්නට ඇති.
මේ නිසාම තම පුතුගේ ආදරය වෙනුවෙන් 1950 දි සියලු දෙනට පරඋපකාරයක් ලෙස ඉදිකිරීම් අරබනවා.මේ වන විට ඉහල නමක් ලබා සිටි Shirley de Alwis නම් නිර්මාණ කරුගේ අනර්ඝ නිර්මාණයක් වෙනවා.
ලෝක උරුම මහනුවර ට ම උචිත පරිදි ඔරලෝසු කණුවේ සැලසුම කැන්ඩියන් ශෛලියට ඇති අතර දළදා මාලිගයේ වාසිතු ශෛලින් විදහා පාන ලෙස කර ඇති මේ ඉදිකිරීම අන්‍ය අගමීකයෙක් කරන ලද නිර්මාණය ක් විම තවත් සුවිශේෂ කරුණක් වේනවා.
එවකට අගමැති ව සිට් ගරු D.S Senanayake හා එවකට මහනුවර නගරාධිපති ගරු E.L Senanayake මහාතානන් අතින් ඊට වසරකට පසු විවෘත වෙනවා.
මාලනී ජයරත්න විසින් පද බැදි ටී. එම්. ජයරත්න ගායන ශිල්පියා විසින් ගැයුණු “පිය සෙනෙහසට කව් ගී ගියවුණා මදී” ගීතය මතක් කරමින් පිය සෙනෙහස ක මහිම පෙන්නුම් කරන මේ ස්ථානයේ යටත් කතාව දන්නෙ කියෙන් කි දෙනද ?
ඇත්තට ම clock tower එක යට තියෙන්නේ පියෙකු ගේ සෙනෙහසේ අත්තිවාරම යි.
asianewsplusone.com
sfmnewslk.com
