ගුණතිලක රාජපක්ෂ දැඩි සත්කාර ඒකකයට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ තල්ලුකිරිමට ලක්ව පාදයකට බරපතල තුවාල ලැබූ බව පැවසෙන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා හට පැය 04 ක පමණ ශල්‍යකර්මයක් සිදු කළ බව ඒ මහතාගේ පුත් නිළුපුල් රාජපක්ෂ පවසයි.

මේ මස 03 දින රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති බව සඳහන් මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මහනුවර දිස්ත්රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරු දෙපොල දැඩි අදහස් හුවමාරුවක නිරත වූ බව සඳහන් වන අතර රැස්වීම අවසන්ව පිටතට එන අවස්ථාවේදී නැවතත් මන්ත්‍රීවරු දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇතිව මෙම සිදුවීම ඇතිව තිබේ.

ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයා මේ වන විට ශල්‍යකර්මයකට ලක්ව හමුදා කොළඹ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන අතර ඒ මහතා සඳහන් කළේ උණුසුම් කතාබහක නිරත වූ අවස්ථාවේදිය

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් මාධ්‍ය සිදු කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ තමා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කමිස කොළරයෙන් අල්ලාගත් බවත් ඒ අසල සිටි තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක් ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට ගැනීමට උත්සහ කිරීමක් සිදුකළ අතර ඒ අවස්ථාවේ ඔහු ඇද වැටී තුවාල ලද බවය.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් නිළුපුල් රාජපක්ෂ මහතා 04 දින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇති අතර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලිඛිත පැමිණිල්ලක්ද ඒ සමග භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පල කළ නිළුපුල් රාජපක්ෂ මහතා කියා සිටියේ තම පියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් මෙම සම්බන්ධයෙන් තරාතිරම නොබලා කඩිනම් පරීක්ෂණයක් සිදුකොට වග කිව යුත්තාට එරෙහිව දැඩි නීතිමය පියවර ගතයුතු බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දීමක් සිදු කළ බවත්ය.

මෙතුමන්ලා දෙදනා හොද මිත්‍රයන් වන අතර මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරු දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය උසුලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *