මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට නිව්යෝර්ක් හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

දකුණු අප්‍රිකාව සමග අද තරගය වෙනුවෙන් සහභාගි වේ යැයි අපේක්ෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම:

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (WK), කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග (නායක), දසුන් ශානක, මහේෂ් තීක්ෂණ හෝ ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ.

ඒඩන් මාක්‍රම් ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්වින්ටන් ඩි කොක් (Wk), රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, කාගිසෝ රබාඩා වැනි ප්‍රබල ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය කැනඩාවට එරෙහිව සම සත්කාරක ඇමරිකාව කඩුලු 07කින් ජයග්‍රහණය කිරීමට සමත් වු අතර දෙවැනි තරගය පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 05කින් ජයත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *