රජයේ ඉඩමක් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කර ගන්නා බවට වූ පැමිණිල්ල පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (26) එම ස්ථානයට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු තම ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මකව චෝදනා කිරීමත් සමඟ එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව සඳහන්.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට ඇති අක්කර 10 ක ඉඩමට ඇතුළුවීම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහනම් කර තිබියදී කිසියම් පිරිසක් ඉඩම වටා කම්බි ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
