දැනට පවතින ක්‍රමවේදයට අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බව මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම දින 30කට වැඩියෙන් රැඳී සිටීමට මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේ හැකියාව ඇති බවද සඳහන්.
මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරන බවද එහි සඳහන් කර තිබෙනවා.
