පොහොට්ටුව හෙට ඉදන් මැතිවර්ණ වැඩ පටන්ගන්න ගනි – 2024 මැයි 25

එලඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණ පවත්වන පලමු ආසන සමුළුව හෙට පස්වරුවේ අනුරාධපුර තලාව නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන,උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම් රංජිත්, පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිතව තිබෙනවා.

මෙම ආසන සමුළුවෙන් පසුව පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරන අතර දිවයින පුරා ආසන සමුළු පැවැත්වීමට ද නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *