ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළේය.
කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළේය.
ඉරාන ජනපතිවරයා ඇතුළු පිරිසගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේය.
මේ වනවිට ශෝකයට පත්ව සිටින පවුල්වලට, ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරන බවද හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
