වාහන ගෙන්වන්න ලෑස්තියි – 2024 මැයි 22

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසූවේ, රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බවත් වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇති බවත්, පසුගිය ආර්ථික කඩාවැටීමත් සමඟ මෙරට ආනයන 2000ක් නවතා දැමීමට සිදුවූ බවත් නමුත් මේ වනවිට වාහන හැර අන් සියල්ලම ගෙන්වීමට හැකියාව පවතින බවත්‍ අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම නැවත වාහන ගෙන්වීම නිසි ක්‍රමවේදයන්ට අනුව සහ රටේ අවශ්‍යතාවය පරිදි සිදුකිරීමට පියවර ගන්නා බවත්, නැවත රට පැරණි තත්වයට නොවැටීමට වගබලාගන්නා බවත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *