විධායක කමිටු අනුමැතිය ලබා ගැනීම සඳහා පළමුව ශ්‍රී ලංකා රජය පෙර එකඟ වූ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් දෙවනුව මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කළ යුතු බවත් කොසැක් පැවැසුවාය.
එමගින් බහුපාර්ශ්වීය හවුල්කරුවන් ලබන මූල්‍ය දායකත්වය තහවුරු වනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේ දැයි මූල්‍ය සමාලෝචනය මගින් ඇස්තමේන්තු කරනු ඇතැයිද කොසැක් පැවැසුවාය.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඵල දරමින් තිබෙන බවත් උද්ධමනය පහළ දැමීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග සතුටුදායක බවත් ජුලී කොසැක් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය වීමේ සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර වීමේ මුල් සලකුණු පෙන්නමු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉතාමත් සතුටුදායක බවත් සන්නිවේදන අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවැසුවාය.
sfmnewslk.com
