සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සහ සමරිසි ප්‍රජාවට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක වුණු අපරාධ නීතිය ලිහිල් කිරීම සඳහා

යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

පැරණි අපරාධ නීතිය අනුව එම ප්‍රජාවට එරෙහිව යම් යම් නීතිමය ස්වභාවයන්ට යටත්ව දඬුවම් ලැබීමට සිදුව ඇති නිසා එම ප්‍රජාවගේ දැඩි ඉල්ලීම පරිදි මෙලෙස නීති සංශෝධනයට කැමැත්ත පළ කර ඇත.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම නීති සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සංශෝධනයේදී සමරිසි විවාහ සඳහා අවසර ලබාදීමක් සිදුනොකරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *