වර්ෂාව හේතුවෙන් හපුතලේ නිවාස දෙකකට පස් කඳු කඩා වැටෙයි මෙම නිවාස වලට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකක් මෙලෙස පස් කඳු කඩා වැටීමේ අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ප්‍රදේශයේ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, ප්‍රදේශයට ඇදහැලෙන තද වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ. එමෙන්ම, මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට ගල් පෙරළීමෙන් එයට හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *