ඉන්ධන සහනාධාරය ලැබෙන හැටි ගැන ඇමති තුමාගේ පැහැදිලි කිරීමක් 

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

මැදපෙරදිග යුද්දය නිසාවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙරට ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී ඉහළ යන මිල ගණන් හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉන්ධන මිල ගණන් ගණනය කිරීමේදී වැඩි ප්‍රමාණයක් රජය විසින් සහනාධාර ලෙස ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි මාස තුන සඳහාම මෙම සහානාධාරය ලබා දීමට පියවර ගත් බවද මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *