හෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අද පස්වරුවේ පැවැත්වෙන  ඡන්ද  විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම හෘදය සාක්ෂියට එකඟව  ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස දිනන දකුණ සාමූහිකය  ඉල්ලා සිටින්නෙමු.

මෙම සංශෝධනය සම්මත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ තීරණාත්මක සැබෑ සහ අතිශය දැවැන්ත වගකීම පාර්ලිමේන්තුවට මෙන්ම ඡන්දය ලබාදෙන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති අත්හළ නොහැකි වගකීමකි.

ජනතා විශ්වාසය දිනාගත හැක්කේ ඇත්ත අවංකභාවය තුළිනි.ව්‍යාජ  මවාපෑම තේරුම් ගන්නා මොහොතේ සිට ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,

ඔබට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි නම් ඡන්දය  ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි  ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *