බදුල්ල සහ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසවල නිලධාරීන් 200කට සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමක්

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

ජාතික ආරක්ෂාව මෙන්ම ආයතනික අභ්‍යන්තර තොරතුරු ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කර ඇති සයිබර් ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව ඌව පළාතේ බදුල්ල සහ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් 2026 සැප්තැම්බර් 16 සහ 17 යන දිනවල පවත්වන ලදී.

ශ්‍රී ලංකා CERT ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය එක්ව මෙම වැඩමුළු සංවිධානය කරන ලදී. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන්, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්, ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිවරුන් මෙන්ම පොලිස් කාර්යාලවල පරිගණක මෙහෙයුම් කටයුතු සිදු කරන නිලධාරීන් ද මේ සඳහා සහභාගී වූහ.

නූතන සයිබර් අපරාධ, ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේදී මතුවන සයිබර් අවදානම් සහ එවැනි තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහභාගී වු නිලධාරීන් වෙත ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා CERT ආයතනයේ ධාරිතා ප්‍රවර්ධන කළමනාකරු තිළිණ දිසානායක මහතා සහ සහකාර තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු දුලාර විජේසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එච්.කේ.ඊ. හර්ෂක මහතා විසින් නූතන සයිබර් අපරාධ සහ ඒවාට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා ගත යුතු ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ සැසි මෙහෙයවන ලදී.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි නිෂානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී. ලක්සිරි ගීතාල් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩමුළු මාලාවක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා CERT සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව, වර්ධනය වෙමින් පවතින ඩිජිටල් තර්ජන වලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සයිබර් ආරක්ෂණ දැනුම සහ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *