‘ජාතික සමගිය ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක්’ – විපක්ෂ නායක 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

උතුරු නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් හමුවේ කියයි

ජාති, ආගම්, පළාත්, දිස්ත්‍රික්ක, ගම් සහ නගර වශයෙන් බෙදී නොසිට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු ජනතාව එකමුතුව රට ගොඩනැගීම සඳහා එක්විය යුතු බවත් එහි දී ජාතික සමගිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ජාති ආගම් වශයෙන් බෙදී නොසිට සත්ජාතිකත්වය මූලික කර ගෙන සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

ජාතිය, ආගම හෝ ජනවාර්ගික පසුබිම මත ජනතාව වෙන් නොකර, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සමාන අවස්ථා තහවුරු කිරීම ජාතික සමගියේ මූලික පදනමක් විය යුතු බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු රටේ සියලු පළාත්වල ජනතාව මුහුණ දෙන සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳවද මෙහිදී විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු විය. එසේම සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික සිවරාසා ආනෝජන් මහතාට සම්බන්ධ සිද්ධිය පිළිබඳවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අදහස් පළ කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීමේ වැදගත්කමද ඔහු මෙහි දී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *