www.bbcmirror.lk
www.Lankawebnews.lk
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද (අගෝස්තු 08) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.
එම භාණ්ඩ අතරට සුදු ලූණු, ලොකු ලූණු, අර්තාපල්, රට කජු, සුදු කැකුළු සහල්, මුං ඇට, රතු කැකුළු සහල්, සුදු නාඩු සහල් (දේශීය), කඩල, උඳු යනාදිය අයත්.

