මෙට්‍රෝ බස් රථ සඳහා සති අන්තයට විශේෂ පාස් නිකුත් කිරිමට පියවර

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) ආයතනය විසින් තම මෙට්‍රෝ බස් රථ සේවාවන් භාවිත කරන මගීන් සඳහා රුපියල් 799ක එක්වරක් අයකරන ගාස්තුවකට මුළු සති අන්තය පුරාම අසීමිත ලෙස ගමන් කළ හැකි විශේෂ ‘Weekend Pass’ එකක් හඳුන්වා දී ඇත.

මෙම වැඩපිළිවෙළ මඟින් සති අන්තයේ මිතුරන් හමුවීමට, විශ්වවිද්‍යාල වෙත යෑමට, නගරය නැරඹීමට හෝ පවුලේ අය සමඟ විනෝද ගමන් යෑමට අපේක්ෂා කරන මගීන්ට වැඩි පහසුවක් සහ නම්‍යශීලී බවක් ලැබෙන බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්ආයතනය පවසයි.

සෙනසුරාදා පෙරවරු 12:00 සිට ඉරිදා පස්වරු 11:59දක්වා දින දෙක පුරාම අසීමිත ගමන් වාර සඳහා මෙය වලංගු වේ.

මේ සඳහා වැයවන්නේ රුපියල් 799ක් පමණි.

වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා මෙම සේවාව යටතේ නොමිලේ ගමන් කිරීමේ පහසුකම හිමිවේ.

මෙම Weekend Pass එක ‘LMT GO App’ ජංගම යෙදවුම හරහා පමණක් සුවිශේෂීව ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *