www.bbcmirror.lk
www.Lankawebnews.lk
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ විශිෂ්ට සේවාවක් ඉටු කළ පොලිස් නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක් ඊයේ (06) පස්වරු 3.00ට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශ්‍රවණාගාරයේදී ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.
නුවරඑළිය පොලිස් කොට්ඨාශය ආවරණය වන පරිදි නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී රාජකාරි ඉටු කිරීමේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ පොලිස් නිලධාරීන්ගේ කැපවීම හා වෘත්තීයභාවය ඇගයීමට ලක් කෙරිණි.
උත්සවය අමතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නිලධාරීන්ගේ කැපවීම, විනය සහ මහජන සේවයට දක්වන අවංකභාවය අගය කළ අතර, එවැනි සේවාවන් ඇගයීම තුළින් වෘත්තීය උද්යෝගය සහ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන බව පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මිය, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර මහතා, නුවරඑළිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. එම්. සමරකෝන් බණ්ඩා මහතා, සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා ඇතුළු නුවරඑළිය දිශාව භාර සහකාර පොලිස් අධ්‍යක්ෂකවරුන් , නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව මහතා , නුවරඑළිය මහනගර ස්වභාවයේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.දිසානායක මහතා ඇතුළු සෙසු රජයේ ආයතන වල විධායක ශ්‍රේණිවල නිලධාරීන් නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ආරක්ෂක අංශ උසස් නිලධාරීන් පොලිස් කමිටු සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.
එහිදී රාජකාරි ඉටු කිරීමේදී විශිෂ්ට කාර්ය සාධනයක් සහ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිළිය දක්වා වූ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු වෙත මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පට්ජිනායක මහතාගේ හා අනෙකුත් ආරාධිතයින්ගේ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සුරතින් සිදු කෙරිණි.

