www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක් ලෙස සටහන් වේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 382ක් ලෙස නියම කර ඇත.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන සිපෙට්කෝ නව සිල්ලර ඉන්ධන මිල ගණන් බලපැවැත්වේ.

