www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අනතුරෙන් පුද්ගලයින් 42 දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අද අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ.එල්.එම්. වීරසේකර මහතා පැවසුවේ අනතුරින් පුද්ගලයින් 42ක් රෝහල් ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.
ඒ අනුව එක් අයෙකු බදුල්ල මහ රෝහල වෙත මාරු කළ බවත් පැවසූ වෛද්‍යවරයා තවත් පුද්ගලයින් 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බවද සඳහන් කළේය.
