ජනාධිපති ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ 

එක් එක් අමාත්‍යාංශ සඳහා ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදන යෙදවූ ආකාරය, ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම මෙම වසර තුළ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් යන මහත්වරු සහ අමාත්‍යාංශවල ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *