www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
“Once Upon a Silver Stage” සම්භාව්‍ය බැලේ ප්‍රසංගය ජූනි 27 දා.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් රුසියානු බැලේ සහ නර්තන පාසලේ (Russian School of Ballet and Dancing) සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සුවිශේෂී රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගයක් මෙම ජූනි 27 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඉකුත්දා (17) දින කොළඹ රුසියානු නිවසේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කළේ
මෙම සුවිශේෂී ප්‍රසංගය ප්‍රධාන සන්ධිස්ථාන දෙකක් සමරනු ලබන බැවින් ද්විත්ව වැදගත්කමකින් යුක්ත වන බවත් රුසියානු සම්භාව්‍ය බැලේ කලාව දිගු කලක් තිස්සේ දෙරට අතර සංස්කෘතික පාලමක් ලෙස සේවය කර ඇති අතර, මෙම උත්සවයෙන් එම ද්විපාර්ශ්වික සබඳතාවයේ පවතින ශක්තිමත්භාවය පිළිඹිබු වන බවත්ය.
සංස්කෘතික හුවමාරුව සහ කලාත්මක සහයෝගීතාවය සඳහා සන්ධිස්ථානයක් වන මෙම ඓතිහාසික ප්‍රසංගයට සිසුන් 690ක් පමණ සහභාගී වීමට නියමිත අතර මහජනතාවගෙන් පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා “Once Upon a Silver Stage” ලෙස නම් කර ඇති මෙම උත්සවය දර්ශන වාර දෙකකින් (පෙරවරු 10:00 සහ පස්වරු 2:00) සමන්විත වේ.
රුසියානු නර්තනයේ පොහොසත් සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලැබූ සම්භාව්‍ය බැලේ ප්‍රසංග හරහා පාසලේ තරුණ බැලේ නර්තන ශිල්පීන්ගේ දක්ෂතාවය සහ කැපවීම මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර, ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සිත් ඇදගන්නාසුළු ඉදිරිපත් කිරීම් සහ සුවිශේෂී විස්මයන් රැසකින් ද මෙය සමන්විතය.
කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ උපදේශක සහ කොළඹ රුසියානු මන්දිරයේ (Russian House) අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක, කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ සංස්කෘතික නිලධාරිනී චන්දි අලුවිහාරේ සහ නිර්මාතෘ උපදේශිකා ගලීනා ප්ලෙෂකෝවා (Mrs. Galina Pleshakova) යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහය යටතේ මෙම ප්‍රසංගය සංවිධානය ඇත.
මෙම ප්‍රසංගයේ දර්ශන වාර දෙක සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (H.E Mr. Levan S. Dzhagaryan) මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වීමට නියමිතය.
