www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට යෝජිත නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනය මධ්‍යයේ අවිධිමත් ලෙස ඉදිවන මුඩුක්කු ලයිම් නිවාස පේලියේ ඉදිකිරීම් කටයුතු වහා නවත්වන ලෙස ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියට සංදේශයක් භාරදී තිබේ ,
මෙම සංදේශය අද (15) උදෑසන අන්තර් ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකාය විසින් දිස්ත්‍රික් ලේකම් තුමිය අතට බාර දීමට කටයුතු කරනු ලැබීය ,
සද්දේශය භාරදීමේ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ආවරණය කිරීමට දිස්‍ත්‍රික් ලේකම් තුමිය විසින් අවසර ලබා නොදුන් අතර ඇය එහිදී පවසා සිටියේ මාද්‍යට ලබා දෙන්න ඕන දේවල් අපි ලබාදීලා තියෙන්නේ මේ කාරණාවත් මාධ්‍ය සංදර්ශනයක් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි ,
අදාළ සන්දේශය භාර දීමෙන් අනතුරුව අන්තර් ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපති සකුන්තිකා මැණිකේ මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නුවරඑළිය නගරය මැද පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුලේ මුඩුක්කුවක් නිර්මාණය වීමෙන් අනාගතයේදී එය මත් ද්‍රව්‍ය තිත් පොලක් බවට පත්වීමේ අවධානමක් සහ පාසල් වයසේ දරුවන් දැඩි අවදානම් තත්ත්වයකට ලක්වීමේ ඉඩකඩ ඇති බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ අන්තර් ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපතිනිය ,
නුවරඑළිය මහ නගර සභාවෙන් දිත්වා ආපදාවන්ට පත් වූ අය සඳහා ස්ථිර ලෙස ගොඩනැගිල්ලක් සැකසීම සඳහා නුවරඑළිය මහ නගර සභාවට අයත් අය්ලෑල් ඉඩම සභා අනුමැතියකින් නිවැරදි ලෙස ලබා දීී තිබෙනවා,
එම භූමියේ ඔහුන්ට ස්ථීර ගොඩනැගිල්ලක් හදන්න කියලා අපි යෝජනා කරනවා එහෙම හදන්න දැන් රජයට සල්ලි නැත්නම් එම භූමියේම තාවකාලික ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් ,
එහෙම තියෙන එකේ වටිනාකමක් නිර්ණය කිරීමට නොහැකි තරම් විශාල වටිනාකමක් ඇති මෙම භූමියේ තාවකාලික ඉදිකිරීම් සිදුකර එම අයට ලබාදීම අනතුරුදායකයි ,
මොකද මෙච්චර කාලෙකට නුවරඑළියේ ඉදිකරපු කිසිම තාවකාලි ගොඩනැගිල්ලක් ඉවත් කරගන්න බැරිවෙලා ඒ අයම පදිංචිවෙලා අයිතිවාසිකම් කියනවා ,
ඔය දැන් ඔතන තාවකාලික ඉදිකිරීම් වල පදිංචි කරන්න යන අයට මීට කලින් ඉඩම් කිහිපයක්ම ලබා දුන්නත් එයාලා ඒවා එපා කිව්වා තමන්ගෙ තැන තමයි තමන්ට හදාගන්න ඕන කියලා එක මතයකම හිටියා ,
ඔවුන්ම නොසිතූ විදිහට හිමි වූ වටිනා තැනක් හම්බුන ගමන් වැඩේට හා කිව්වේ මේක කවදා හරි අයිති කරගන්න පුළුවන් කියන හැඟීමෙන් කියලා අපිට හිතෙනවා ,
ඒත් එක්කම අවුරුද්දේ අවස්ථා කිහිපයකදී සැණකෙළි පවත්වන අවස්ථාවලදී මෙම භූමියට අධික වශයෙන් මත්ද්‍රව්‍ය ලෝලීන් පැමිණෙනවා ඒ පැමිණෙන අයගෙන් ඔතන ඉන්න සහ එම ස්ථානවල ක්‍රීඩා කරන්න එන ළමුන්ට දැඩි හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ,
ඒත් එක්කම අපද්‍රව්‍ය බැහැර කිරීම ජල පහසුකම් ලබාදීම විදුලිය ලබාදීම යන කාරණා සියල්ලෙන්ම එම ක්‍රීඩාංගනය කිසිදාක සංවර්ධනය කරන්න බැරි වන ප්‍රදේශයක් බවට පත්වෙනවා ,
ඒත් එක්කම මුළුමනින්ම එම ප්‍රදේශය අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වීමේ අවදානමකුත් තිබෙනවා ,
අපි මේ සංදේශය බාර දීමෙන් යෝජනා කරේ දැනට සිදු වෙමින් තිබෙන ඉදිකිරීම වහා නවත්වා ඒ සඳහා වෙන්කර ඇති ස්ථානය අදාළ ඉදිකිරීම සිදුකරන ලෙසයි ,
කෙසේ වෙතත් දිස්ත්‍රික් ලේකම්වරය අපි යෝජනාවට ඇහුම්කන් දුන්නේ නැහැ ,
ඇය කියා සිටියේ අවුරුදු දෙකකින් අදාළ පවුල් ඉවත් කිරීමට රජයේ කටයුතු කරනවා ඒ දිහා අපට බලන් ඉන්න කියලයි ,
අද අප විසින් භාර දුන්න සංදේශයට සාධනීය පිළිතුරක් ලැබුනේ නැත්නම් අපි ඉදිරියේදී තවත් මානව හිමිකම් හා නුවරඑළියට ආදරේ කරන ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අවශ්‍ය නීතිමය කටයුතු කරන්න ලෑස්ති .
