www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
බියට පත්වූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’යන තේමාව පෙරටු කරගනිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවක් අමතමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.
අද වන විට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාව අතරට යාමට බිය වී සිටින බවත් පැවසූ විපක්ෂනායකවරයා මෙලෙස බියවීම හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැළිකමක් දක්වන බවත් පෙන්වා දුන් විපක්ෂනායකවරයා මහ මැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පවත්වන්න කෙටි කාලය තුළදී දළ වශයෙන් රජයට ඡන්ද ලක්ෂ 23ත් පමණ අහිමි වූ බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් තවත් ඡන්ද ලක්ෂ ගණනින් අහිමි වේ යැයි වත්මන් රජය බියෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ජනතාවගේ සර්වජන ඡන්ද බලය සුරක්ෂිත කළ යුතු අද වැනි මොහොතක රටේ ජනතාව තමන්ගේ හඩ තුළින් රට අවධි කරන්න සූදානම් බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා මේ අවස්ථාවේ ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පළාත් සභා ඡන්දය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
