උඩිස්පත්තුවේ 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළදමා තිබියදී සොයාගැනේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

තෙල්දෙණිය, රංගල, උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබියදී සොයාගැනීමට රංගල පොලිසිය සමත්ව තිබේ.

රංගල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද රහසිගත තොරතුරක් මත මෙම අපරාධය අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම අධිකරණ නියෝගයක් ලබාගනිමින්, වළදමා තිබූ තරුණියගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලී බණ්ඩාර සිදුකොට ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රංගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *