දැරියක අපයෝජනය කළ  සැකකරු මවුලවිවරයෙකු නොවන බවට ජම්ඉයියතුල් උලමා සංවිධානයෙන් ප්‍රකාශයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

14 හැවිරිදි දැරියක අපයෝජනය කළ සිද්ධියේ සැකකරු මවුලවිවරයෙකු නොවන බවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයෙන් ප්‍රකාශයක්

ඉරක්කාමම් (එරගම) ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු “මවුලවිවරයෙකු” බවට ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය (ACJU) පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයා සහතික ලත් සැබෑ මවුලවිවරයෙකු නොවන බවත්, ඔහු කිසිදු අරාබි විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා නොමැති බවත්ය.

එමෙන්ම ඔහු ACJU මව් සංගමයේ හෝ එහි ඉරක්කාමම් ශාඛාවේ සාමාජිකයෙකු නොවන බව ද එම සංවිධානය අවධාරණය කරයි.

එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් අද (01) උදෑසන නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ACJU වෙතින් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළ පරිදි ප්‍රධාන සැකකරු අපරාධයෙන් පසු පලාගොස් සිට මැයි 20 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු ජූනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *