ඉරානයට නව ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු හමුදාව පවසයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ප්‍රහාර ස්වයං-ආරක්ෂාව වෙනුවෙන් එල්ල කරන ලද ඒවා බවත්, ඒවා සැලසුම් කර ඇත්තේ ඉරාන බලකායන්ගෙන් තම භට පිරිස්වලට එල්ල වන තර්ජනවලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට බවත්ය.

මධ්‍යම අණදෙන කාර්යාලයේ ප්‍රකාශක කැප්ටන් ටිම් හෝකින්ස් සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය අතරතුර ඉවසීමෙන් කටයුතු කරන අතරම, අමෙරිකානු හමුදාව තම බලකායන් ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව පියවර ගන්නා බවයි.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බකායි අමෙරිකාව සමඟ පවත්වන සාකච්ඡාවල යම් ප්‍රගතියක් ලබා ඇති නමුත් ගැටුම අවසන් කිරීමේ එකඟතාවයකට පැමිණීම ක්ෂණිකව සිදු නොවන්නක් බව ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව කැප්ටන් හෝකින්ස් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි, ඉරාන නාවික කඳවුරක් සහිත දකුණු දිග වරාය නගරයක් වන බන්ඩර් අබ්බාස් අසල ප්‍රදේශයක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

බන්ඩර් අබ්බාස් ප්‍රදේශයෙන් පිපිරුම් හඬවල් ඇසීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රාදේශීය බලධාරීන් විමර්ශනය කරමින් සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

අමෙරිකාව සහ ඉරානය අතර ඇති විය හැකි සාම ගිවිසුමකට කෙබඳු බලපෑමක් එල්ල වේද යන්න ද මෙතෙක් පැහැදිලි නැත. ප්‍රහාරවලින් පසුව අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියා සිටියේ තවමත් එකඟතාවයකට පැමිණීමේ හැකියාව පවතින බවයි.

එහිදී ඔහු ඉරානය නියෝජයනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වන එරට විදේශ අමාත්‍යවරයා සහ කටාර් අග්‍රාමාත්‍යවරයා අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡා ද පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *