ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ කැබ් රථ 134ක් ඉයේ(25) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් භාරදී තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාවේදී, රුපියල් මිලියන 300ක වටිනාකමකින් යුත් මෙම රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන සඳහා ලබාදීමට නියමිත බව සඳහන් විය.

මෙවැනි සහයෝගීතා ඉදිරියටත් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළ අතර, පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *