www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍ය ආවරණය සදහා සහය ලබා ගැනීම
ගම්පහ දිස්ත්‍රික් මී මැසි පාලන කර්මාන්තකරුවන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි….
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක වන විදාතා වැඩසටහන මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ මී මැසි පාලන කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුන් සදහා මී මැසි පාලනයේ ප්‍රායෝගික භාවිතා කිරීම, මී මැසි පෙට්ටි සහ උපකරණ ආදිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් මැයි 21 දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
දිනය – 2026 මැයි 21 (බ්‍රහස්පතින්දා)
වේලාව – පෙ.ව. 8.30
ස්ථානය – ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය (අග්‍රා ශාලාව)
සම්බන්ධිකරණය – 077 2126082 (නිත්‍ය සිල්වා)
මෙම අවස්ථාව මාධ්‍ය ආවරණය කිරීම සදහා මාධ්‍ය ආයතන දැනුවත් කිරිමටත්, මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු / ඡායාරූප ශිල්පියෙකු / කැමරා කණ්ඩායමක් සහභාගි කරවීමට අවශ්‍ය කටයතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පිළිබඳව ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.
නිත්‍ය සිල්වා
ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්
