අභිනව නිවහල් පෙරමුණේ  නායක අමිත් වීරසිංහ මහතා  මැයි  25  දක්වා රිමාන්ඩ්…

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

කබානා  ව්‍යාපෘති සඳහා පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල්  ලබාගෙන වංචා කිරීම   විශ්වාෂය  කඩකිරීම සහ  සාවද්‍ය පරිහරණය යන චෝදනා  මත  , තෙල්දෙණිය  පොලීසිය  මගින්  (18)  තෙල්දෙණිය  මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත්  කරන  ලද   අභිනව  නිවහල් පෙරමුණේ පක්ෂ නායක අමිත් වීරසිංහ මහතා ,එළඹෙන     25  වන දින තෙක් ,රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත්  කමල් සංජය  ජයතිලක මහතා නියෝග  කරනු  ලැබීය.

තෙල්දෙණිය  පොලීසිය  මගින්  සැකකරුට  එරෙහිව  අධිකරණයට  දීර්ඝ ලෙස  කරුණු දක්වමින්  ,සැකකරුට එරෙහිව  පැමිණිළි  රැසක් ලැබී තිබෙන බවත් ,සිද්ධිය  පිළිබඳව  වැඩි දුර  පරීක්ෂණ  පැවැත්වෙන  බැවින්  ඇප  ලබා නොදෙන ලෙස  අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතීඥ වරු කණ්ඩායමක් පෙනී සිටි අතර ,ඔවුන් තම සේවා  දායකයා  ලබා ගත්    බව කියන මුදල්  ගෙවීමට  එකඟ බව ප්‍රකාශ කළහ,

පොලීසිය  ඉදිරිපත් කරන ලද කරුණු අවධානයට යොමු කල  මහේස්ත්‍රාත් වරයා  සැකකරුට  ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබීය,මෙදිනම  සැකකරුගේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක  වරියද  අධිකරණයට ඉදිරිපත් කල අතර එම සැකකාරියද  මැයි  25 දක්වා රක්ෂිත බන්ධනාගාර  ගත  කෙරිණි.

තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් අමරසිංහ පොලිස් අධිකාරී(01) ජයන්ත සමරකෝන් යන මහත්වරුන්ගේ  අධීක්ෂණ  මත ,තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී  එම් චන්ද්‍රපාල සහ අපරාධ අංශයේ  ස්ථානාධිපති  උපපොලිස්  පරීක්ෂක සම්පත් යන නිලධාරීන් විසින් සැකකරුට  එරෙහිව   අධිකරණයට  කරුණු  වාර්තා  කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *