අස්ගිරි පාර්ශවයේ ජේය්‍ය්ෂ්ඨ කාරක  සංඝ සභික, මහියංගන රාජ මහා විහාරාධිපති  උරුලෑවත්තේ ධම්රක්ඛිත හිමිගෙන්  විහාරස්ථානවලට  සහ මහියංගන රෝහලට  රෝද පුටු..

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

 අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජෙය්‍ය්ෂ්ඨ කාරක සංඝ සභික,මහියංගන රාජ මහා විහාරාධිපති  ,ශාස්ත්‍රපති ,  ,උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ දායකත්වයෙන්  ,මහියංගන රීදීමාලියද්ද  ශාසනාරක්ෂක බල මණ්ඩල වල විහාරස්ථාන වලට  සහ මහියංගන රෝහලට  පසුගියදා රෝද පුටු  පරිත්‍යාගයක් සිදු කරන  ලදි,

මෙහිදී මහියංගන  රෝහල  සඳහා රෝද පුටු  08  ක් ,පරිත්‍යාග කෙරිණි.මහියංගන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත්  බණ්ඩාර  මහතා වෙත මහියංගන රාජ මහා විහාරාධිපති හිමියන්  විසින්  එම රෝද පුටු  පරිත්‍යාග  කිරීම   සිදුවිය .

මෙම අවස්ථාවට ඌව  බින්තැන්න  දෙපලාතේ ප්‍රධාන සංඝ නායක ,රාජකීය  පණ්ඩිත නාපටවල  ධම්මානන්ද  හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය  සහභාගි  වූහ ,මෙහිදී මහියංගන  රාජමහා විහාරාධිපති  ,උරුලෑවත්තේ  ධම්මරක්ඛිත හිමිපාණන්වහන්සේ  විසින්  ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ  වසන භික්ෂූන් වහන්සේලා සඳහාද එම රෝද  පුටු  පරිත්‍යාගය   සිදු කළහ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *