ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
sfmnewslk.com
