වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අද අලුයම වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවයි.

අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්වූ මෙම දුම්රිය දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *