පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකර අපරාධමය වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගැනීමට පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ප්‍රකාශය සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳ වූ අවස්ථාවේදී එම නියෝගය කරනු ලැබීය.
නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කෙරිණි.
නඩුව ජුනි 26 යළි කැඳවීමට නියමිතය.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *