මම ආයේ පාර්ලිමේන්තුවට එනවා… මම රට දාලා යන්නේ නෑ…” – නඩු තීන්දුවෙන් පසු ඩයනා ප්‍රථම වරට කතා කරයි – 2024 මැයි 09

පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ඇයට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඉදිරිපත් කර තිබුනේ, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

එවන් පසුබිමක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ කියා සිටියේ මෙවැන්නක්,

“මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා. ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ. මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි”

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *