www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙස කළ දැනුම්දීමකට අනුව ඔහු අද උදෑසන 9.30ට පමණ කොමිසම හමුවට පැමිණියේය.
වාර්තා වන අන්දමට, මහින්ද රාජපක්ෂ මහතා පැය දෙකකට අධික කාලයක් අල්ලස් කොමිසම හමුවේ රැඳී සිටිමින් අදාළ සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබේ.
අදාළ ගනුදෙනුවට සම්බන්ධව, එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට එරෙහිවද චෝදනා එල්ල වී තිබුණි. එම විමර්ශන අතරතුර, අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතේ වැරදි අනාවරණය වූ බවට සඳහන් වන අතර, ඒ අනුව අල්ලස් කොමිසමද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන විසින් ලබාදුන් බව කියන ප්‍රකාශයක, අල්ලස් මුදලෙන් කොටසක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව සඳහන් වී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
කෙසේවෙතත්, එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් කපිල චන්ද්‍රසේන විසින් දිවුරුම් ප්‍රකාශයක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
මෙම පරීක්ෂණයට අදාළව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාටද අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ලබාදෙමින් සිටි අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආධාරකරුවන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සහය පළ කළ බව සඳහන් වේ.
