Clean Sri Lanka හරහා ස්වාධීන රාජ්‍ය පරිපාලන ව්‍යූහය පැලවත්තේ දේශපාලන අණසකට නතු කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

අප රටේ පළාත්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා උප ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්‍ර පරිපාලන ක්ෂේත්‍ර විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන බවත් පළාත් 9ම දිස්ත්‍රික් 25ම රාජ්‍ය ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන මේ පරිපාලන ව්‍යූහය මාලිමවේ දේශපාලනීකරණට සහ පක්ෂ දේශපාලන අණසක ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට රජය කටයුතු කරන බවත් පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතියක් වන මේ හරහා සෑම බල ප්‍රදේශයකම ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයන් පත්කිරී⁣මේ නියෝග ජනාධිපති ලේකම් හරහා ලබා දී ඇති බවත් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරීන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කාර්යාල උපකරණ මේස පුටු ලබා දීම⁣ මෙන්ම ඒ අය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් කළමනාකරණ සේවයේ නිලධාරීන් ලබා දිය යුතු බවට ජනාධිපති ලේකම් නියෝග කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

*පැලවත්තේ මාලිමාව රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය කෙළසනවා*

මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවලියක් සේම පරිපාලන පද්ධතියට නිග්‍රහයක් ලෙස හැදින්විය හැකි බවත් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් මේ නියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ හරහා අවංක ස්වාධීන විනිවිදභාවයෙන් යුත් සේවාවක් ජනතාවට ඉටු කළ නොහැකි බවත් ක්ලීන් ශ්‍රී ලංකා නිලධාරීන් ආණ්ඩුකාරයා පළාත් ලේකම් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ටත් වඩා උඩින් වැඩ කරන තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*මේ දේශපාලනීකරණය නැවැත්විය යුතුයි*

රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය මේ නිසා නැති වී දේශපාලනීකරණය කර ඇති බවත් මේ පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතිය නැවැත්විය යුතු බවත් අමුතුවෙන් දේශපාලන පත්වීම් නොදී දැනටමත් සිටින රාජ්‍ය නිලධාරීන් මේ සදහා යොදාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*මෙයට විරුද්ධව හඩ නැගු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තුතියි*

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මධ්‍යගත පරිපාලන පද්ධතිය ප්‍රාලේ මට්ටමින් විමධ්‍යගත කලෙ ජනතාවට සේවයට ඉටු කිරීමට බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේවා බිහි කළේ රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීමට නොවන බවත් මීට පෙරත් මෙවැනි දේ වුවත් රාජ්‍ය සේවකයන් එය පරාජය කළ බවත් මේ ගැන හඩ නගන ප්‍රාදේශීය හා සහකාර ප්‍රාදේශීය ⁣ලේකම්වරුන්ගෙ සංගමයට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*ජනතාව තලා පෙළා නැවත වරක් තෙල් මිල වැඩි කරලා*

මේ මොහොත වන විට රටේ තෙල් මිල නැවත වැඩි කර ඇති බවත් මේ නිසා නිර්මාණය වන පීඩනය දරිද්‍රතාව නැතිබැරිකම වැඩි වී ඇති බවත් දරුවාගේ සිට වැඩිහිටි පුරවැසියා දක්වා සියලු දෙනාම ලක්ෂ 220 ම අසීමිත පීඩනයට අසහනයට නතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*වරායේ ගොඩබාන මිලට තෙල් දෙන්නවත් දැන් බෑ*

තෙල් ගත් මිල ගැසු බදු මිල ලාභය ගැන රජය මේ වන තුරු අනාවරණය කර නොමැති බවත් සියලු දේ සඟවා ඇති බවත් ඉන්ධන ලබා දෙන්නේ වරායේ ගොඩබාන මිලට යැයි වුවත් දැන් ඒ කිසිවක් නැති බවත් ලෝකයේ සෙසු රටවල් තෙල්වලට ගහන බදු අඩු කර ඉවත් කර ඇති මොහොතක අප රටේ එය නොකරන බවත් මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවත් රජය කරන්නේ බොරුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රජය IMF එකේ වහලෙක් වෙලා*

මැතිවරණ සමයේ තෙල් මිල සූත්‍රය ඉවත් කරනවා යැයි කිව්වත් රජය IMF එකේ සුවච කීකරු⁣ ගෝලයන් වී ඇති බවත් දැන්වත් මේ පීඩනකාරී තත්ත්වය තුළ තෙල් සදහා ඇති බදු අඩුකළ යුතු බවත් දැන්වත් පාරිභෝගික ජනතාව පීඩනයට ලක් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් නින්දිත ලෙස තෙල් මිල වැඩි කිරීම හෙළා දකින බවත් දැන්වත් රටේ ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බවත් බොරුව පචය මංමුලාව ඇන්දවීම ප්‍රවර්ධනය නොකර තෙල්වලට ගහන බදු ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *