ත්‍රෛනිකායික මහානායක උන්නාන්සේලාගෙන් අද හවස 

ගංගාරාමයේදී විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ශ්‍රිලංකාවේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් අද පස්වරුවේ ‘සාමය සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක්’ සිදුකිරීමට නියමිතය.

අද පස්වරු 5ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ගංගාරාම විහාරස්ථානය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

මෙම ප්‍රකාශය ජාතීන් සහ ප්‍රජාවන් අතර අනුකම්පාව, සංවාදය සහ තිරසාර සාමය සඳහා කැඳවන එක්සත් අධ්‍යාත්මික පණිවිඩයක් නියෝජනය කරයි.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *