සටන් විරාමය දීර්ඝ කිරීමට, ට්‍රම්ප්ගෙන් තීරණයක් 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය සමඟ පවතින සටන් විරාමය එය අවසන් වීමට පැය කිහිපයකට පෙර දීර්ඝ කර තිබේ.

ඒ, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ප්‍රධාන ආරවුල් තවමත් විසඳී නොමැති පසුබිමකයි.

ඉරානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් සහ යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා නිම වන තෙක් සටන් විරාමය බලාත්මකව පවතින බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මෙම පියවර ගනු ලැබුවේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට අපේක්ෂා කළ තවත් සාකච්ඡා වටයකට සහභාගී වීමට ඇමෙරිකාව සහ ඉරානය අපොහොසත් වීමෙන් පසුව වීම ද විශේෂය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *