දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා
විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙසත් නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම අමාත්‍යවරු පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *