හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028  ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වන බව වාර්තා වේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදී ඇය ප්‍රසිද්ධියේ මේ බව පවසා තිබුණාය.

නිව්යෝර්ක් නුවර පැවැති මෙම රැස්වීමට රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ මේ බව පැවසූ ඇය කියාසිටියේ, තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇතැම් විට ඉදිරිපත් වීමේ හැකියාව පවතින අතර තමන් ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවයි.

2028 වසරේදී ඇමරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති ලෙස හොඳම සේවය ලබාදිය හැක්කේ කාටද යන්න පදනම් කරගනිමින් තමා තරඟ කිරීම පිළිබඳව තීරණය කරන බව හැරිස් වැඩිදුරටත් පැවසුවාය.

ජනාධිපති ජෝ බයිඩන් යටතේ උපජනාධිපති ලෙස කටයුතු කළ හැරිස්, 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූවාය.

ඇය මීට පෙර එක්සත් ජනපද සෙනෙට් සභිකවරියක සහ කැලිෆෝනියාවේ නීතිපතිවරිය ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *