පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළ කෙනෙක් අත්අඩංගුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පසුගිය 08 වැනිදා නවීකරණය කර මහජන පරිහරණය සඳහා විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට හානි සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

එම බස් නැවතුම්පොළේ සුභසාධන අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (11) දින විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකම් කළ දේපලවලින් කොටසක්ද ඔහු සමඟ සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *