ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසියි – නීත්‍යානූකූල සුදුසුකමක් නෑ

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සදහන් කළේ, ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.

පසුගිය පෙබරවාරි 13 වැනිදා මේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයත් නොමැතිව කල් තැබුවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *