දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අමතරව පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (06) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතේ සහ පුත්තලම, යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත වාතාවරණයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම් දී ඇත.

ඊට අමතරව, සූර්යයා උතුරට ගමන් කිරීම හේතුවෙන් අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *