www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට අද (01) දින බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
රක්ෂිතය තුළට ඇතුළු වී ගමන් කරමින් සිටින අතර, ගසකට බැඳ තිබූ බඹර කුඩුවක් වියළි කාලගුණය හේතුවෙන් ඇවිස්සී, කොත්මලේ පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 07 දෙනෙකුට බඹරුන් විසින් දෂ්ඨ කර ඇත.
මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුවාල ලැබූ බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව, 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් ස්ථානය ආසන්නයට යොමු කර, තුවාල ලැබූ නිලධාරීන් අතරින් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ අතර, තවත් බරපතල තත්ත්වයේ සිටි නිලධාරීන් 05 දෙනෙකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර ඇති අතර, එම රෝහලේ නිලධාරියෙකු සඳහන් කළේය
