www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඩුබායි වරායේ නවතා තිබූ කුවේටයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් නෞකාවට යම් භෞතික හානි සිදුවී ඇති බවත් සඳහන් වේ.
ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ නෞකාව සම්පූර්ණයෙන්ම තෙල්වලින් පිරී තිබූ අතර, එම හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගත් බව ද වාර්තා වේ.
එහෙත් ගින්න පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සදහන්ය.
එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 25දෙනාම ආරක්ෂිතව සිටින බවත්, කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් විදෙස් වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
