ශ්‍රී දළදා මාළිගාවේ පුස්තකාලය, බෞද්ධ ග්‍රන්ථවල පැරණිතම එකතුව වන ත්‍රිපිටකය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් මෙම වැඩසටහන අනුමත කර ඇති අතර, පුස්තකාලයේ භාරකරු වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අනුමැතිය ද එයට ලැබී ඇත.

බුදුන් වහන්සේගේ වාචික ඉගැන්වීම් සංරක්ෂණය කිරීම සඳහා පාලි ත්‍රිපිටකය ප්‍රථමවරට ග්‍රන්ථාරූඪ කර ඇත්තේ ක්‍රි.පූ. 1 වැනි සියවසේදී වළගම්බා රජුගේ පාලන සමයේදී මාතලේ අළුවිහාරයේ දී ය.

මෙම අත්පිටපත් දැන් දළදා මාලිගා පුස්තකාලයේ තැන්පත් කර ඇත.

පුස්තකාලයාධිපති ජන්ත සමරකෝන් මහතා පවසන්නේ, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට තවත් මාස හයේ සිට හත දක්වා කාලයක් ගතවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *