මෙම පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (මැයි 07) සළකා බැලූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදී.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිප පාර්ශවයෙන් වැඩබලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත්කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී කොළඹ දිසා අධිකරණය ඔහුට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේ ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය.
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් අතර ඇති වූ මතභේදය හේතුවෙන් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.
sfmnewslk.com
