රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න – 2024 මැයි 07

අද ග්‍රරාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය නිකුත් කර තිබෙනවා.

ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ය.

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1,942 දෙදෙනෙකුගේ නාම ලේඛනය එලෙස ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළා.

එම නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම නිලධාරී නව පත්වීම් නාම ලේඛනයේ සිටින සියලු දෙනාට මැයි මස 08 වන බදාදා උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් පත්වීම් ප්‍රධානය කිරීමට නියමිත ය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ප්‍රාදේශ ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් මෙලෙස ත්‍රෛමාසික පුහුණුව සඳහා තෝරාගනු ලබනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම ත්‍රෛමාසික පුහුණුව සඳහා යම් අයෙකුට මේ වන තෙක් අදාළ කැඳවීම් ලිපිය ලැබී නොමැති නම් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පිළිබඳව වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකි ය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *