මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු විත්තිකරුවන්ගේ අභියාචනා විභාගය ඇරඹෙයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවමට එරෙහිව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ගොනු කළ අභියාචනා විභාගය 

අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි.

එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරන බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල වෙත බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීමෙන් රජයට රුපියල් කෝටි හයකට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කර තිබුණි.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින්, තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරුන් විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

www.bbcmirror.com 

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com 

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *